1. admin

    ආසාවක නිමවා

    by
    Comment
    යෞවනය කියන්නේ ඇත්තටම ජීවිතයේ සුන්දරම හෝරාවක්. ඒ ඇයි..? තරුණ මල් කැකුළු ජිවිතය සුන්දර කරගන්න සැරසෙන්නේ මේ යෞවන කාලයේදී, නමුත් බොහෝ යෞවන යෞවනියන් මේ සුන්දර යෞවනය සුන්දර කරගන්න ගිහින් වරද්ද ගන්නේ හරියට ආකාලයේ මැලැවිලා යන මල් පොහොට්ටුවක් වගේ.
    එන්න ඇවිත් බලන්න... මේ ආකාලයේ පරවෙලා ගිය මල් පොහොට්ටුවක ශොචනීය ඉරණම.
  2. Ranil srimal

    සංසාරේ පිය සටහන් 01

    by
    Comment
    අප සියළු දෙනා මේ සසර තුළ ඉපදෙමින් මැරෙමින් පැමිණි වාර ගණන නො ගැණිය හැකි තරම් දීර්ඝය. අවිද්‍යාවෙන් හා තන්හාවෙන් බැදුනු සියළු සත්වයන් ඉපදෙමින් මැරෙමින් යන මේ ගමනේ ආරම්භයක් මෙන්ම අවසානයක ද කෙලවරක් දැක ගත නොහැකිය. එම භයානක ගමනේදී අප සියළු දෙනාම අනේක දුක් අනුභව කරලා තියෙනවා. තියුනු දුක් විදලා තියෙනවා. පරක් තෙරක් නොපෙනෙන බිහිසුණු සසරේ ඇති දීර්ඝ භාවය මෙයින් අවබෝධ කර ගැනීමට ඔබට හැකිවනු ඇත. අති පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පරිවර්තනය කරන ලද සංයුත්ත නිකායේ - 02 (නිධාන වර්ගය), අනමතග්ග සංයුත්තය - තිණකට්ඨ වර්ගය, තිණකට්ඨ සූත‍්‍රය ඇසුරු කරගනිමින් මෙම නිර්මාණය ඉදිරිපත්කොට ඇත.

ඔබ වෙත කෙරෙන සුහද ඇරයුමයි!

එක්වන්න අප සමග බෙදන්න දම් සුවය.

නොබැදි සදහම් යාත්‍රාව සංවිදානයේ පාඨක නිර්මාණ අඩවියට ඔබගේ සදහම් නිර්මාණ ඉදිරිපත් කරන්නේනම් පහත කරුණ ද සැලකිල්ලට ගෙන අප වෙත එවීමට කාරුණික වන්න.

01.ඔබේ නිර්මාණ සදහා පහත මාතෘකා ඇතුල් කරගන්න.

  • බුදුසසුනේ වැඩ සිටිය නිකෙලෙස් උත්තමයන් වහන්සේලා පිළිබදව.
  • ඉතිහාසය පිළිබද තොරතුරු.
  • බුදු සසුනේ ගිහි උපාසක/උපාසිකාවන් පිළිබද තොරතුරු.
  • ඔබගේ සිත් ගත් දහම් කරුණු වලින් සැකසු නිර්මාණ
  • බෞද්ධ ආගමික සිද්ධස්ථාන පිළිබද.
  • පුණ්‍ය චාරිකා පිළිබද වාර්තා.
  • ඔබ සංවිධානය කළ පුණ්‍ය කටයුතු පිළිබද විස්තර.

02.ඔබ වීඞීයෝ පට දර්ශනයක් ඉදිරිපත් කරනවා නම් එය විනාඩි 15-20 නොවැඩි නිර්මාණ එවීමට කාරුණික වන්න.

03.ඔබේ නිර්මාණ සත්‍ය තොරතුරු පමණක් ඇසුරු කරගනිමින් ඉදිරිපත් කරන්න.

04.ඔබේ නිර්මාණය සකස් කිරීම සදහා භාවිතා කළ මුලාශ්‍ර ද සදහන් කරන්න.

05.ඔබ එවන සියළු නිර්මාණ පින්වත් ස්වාමීන් වහන්සේ නමකගේ අධික්‍ෂණයට යොමු වනු ඇත.

ඔබේ නිර්මාණ ඉහත කරුණු සැලකිල්ලට ගෙන නිර්මාණය කිරීමට කාරුණික වන්න.

”පින්වත් මහණෙනි, ලොකයේ අග‍්‍රම දානය ධර්ම දානයයි’’

එසේනම් ඔබත් අපත් සමග එකතුවන්න ලොව අග‍්‍රම දානයේ පුණ්‍ය විපාක විදින්න.

විමසීම්:

එරන්ද – 0715298389

ශ්‍රීමාල් – 0718916150



Contact

  • Nobadi Sadaham Yathrawa
  • No. 1/2, Suriya mal Pura. Prince Gate
  • Sri Lanka
  • E-mail: contact@nobadiyathrawa.org
  • Tel:+94779814786
Copyright © 2011 Nobadi Yathrawa All rights reserved.