අරමුණ
ගෞතම බුදුරජුන්ගේ 2600 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය සමරමින් ගෞතම බුදුරදුන්ගේ් සාම සංදේශය පැතිර වීමට දායක වෙමින් පින් රැස්කර ගැනීම සඳහා එකමූතුව කටයුතු කිරීම.සිදුකල කාර්ය
රට දැය වෙනුවෙන් අභීතව දිවි පරදුවට තබා සටන් වැදි දැනට ආබාධිත තත්වයේ පසුවන රණවිරු සොයුරන් හා ඔවුන්ගේ පවුල් වල සාමාජීකයන් සදහා ධර්ම අවබෝදය ලබාදීමට උපකාර කිරීමත්, අප දන්නා හදුනන සියලු දෙනාටම ධර්ම දානය ලබාදීමදිනය
2011 වූ මැයි මස 01 වන දිනස්ථානය
යුධ හමුදා පුනරුත්ථාපන මධ්‍යස්ථානය රණවිරු සෙවණ, රාගමවැඩසටහන් පෙළගැස්ම
- පොල්ගහවෙල මහමෙව්නා අසපුවෙන් හොරණ මහමෙව්නා අසපුවෙන් ස්වාමීන් වහන්සේලා රාගම රණවිරු සෙවණට වැඩමවීම.
- රණවිරු සොයුරන් සමඟින් දහවල් බුද්ධ පූජාව ඉතා ශ්‍රද්ධාවෙන් සිදු කිරීම.
- ආර්ය මහා සංඝරත්නය උදෙසා දහවල දානය ඉතා ශ්‍රද්ධා භක්තියෙන් රණවිරු සොයුරන් අතින් පූජා කිරීම.
- ආර්ය මහා සංඝරත්නය උදෙසා එම සොයුරන් අතින් පරිශ්කාර පූජා කිරීමට සැලැස්වීම.
- රණවිරු සොයුරන් 50 දෙනෙක් උදෙසා අත්වාරු, වැසිකිලි උපකරණ, ඇතුලු උපකරණ ලේකම්තුමා විසින් පිලිගැන්වීම.
- රණවිරු පුස්තකාලය වෙත වටිනා ධර්ම පුස්තක ප්රදානය කිරීම.
- පැමිණි සිටි සියලු දෙනා විසින් රණවිරු සොයුරන් වෙත දිවා ආහාරය හා අතුරුපස, වාට්ටු සංකීර්ණ තුළදී පිලිගැන්වීම.
- ගරුතර ආර්ය මහා සංඝරත්නය වාට්ටු සංකීර්ණ වලට පැමිණ තාවකාලික, නේවාසික, පූර්ණ ආබාධ සහිත සියලුම සොයුරන් වෙනුවෙන් පිරිත් නූල් පිලිගන්වා ධර්ම පොත් පුවත්පත් කට්ටලයක් ලබාදීම.
- කඳවුරේ සිටින අනෙකුත් සියලුම නිලධාරීන්, සොල්දාදුවන්, කාර්මිකයින් ඇතුලු සියලුම දෙනාට ධර්ම පොත් පුවත්පත් කට්ටල ලබාදීම.
- වැඩසටහනට සහභාගි වූ 350 ක් පමණ දෙනා උදෙසා දිවා ආහාරය ලබාදීම.
- ධර්ම දේශනාව හා භාවනාමය වැඩසටහන.
- පුණ්‍යානුමෝදනාව
- ගරුතර ආර්ය මහා සංඝරත්නය නැවත අසපු සංචිත වෙත වඩම්මවාගෙන යාම.
- පැමිණි සියලු දෙනා උදෙසා ධර්ම පොත්, පුවත්පත් අඩංගු පාර්සලයක් ලබාදීම.
- නන් අයුරින් මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට උදව් උපකාර කළ සියලු දෙනා උදෙසා පිරිත් සජ්ජායනා කොට පුණ්‍යානුමෝදනා කිරීම.
- වැඩසටහන් නිමාව.

Add a comment