අරමුණ

ආර්ය මහා සංඝරත්නයට උපස්ථාන සිදු කරමින් පුණ්‍ය ධර්මයන් ජීවිතයට රැස්කර ගැනීමත් බුදුරදුන්ගේ නිර්මල ශ්‍රී සද්ධර්මය දසත පැතිරවීමට උපකාර කරමින් පින් රැස්කරගැනීම.

කාර්යය

  • පැවැදි භාවයට පත් වූ කුළ දරුවන් 50 දෙනෙකු උදෙසා අවශ්‍ය සියලු පරිශ්කාර පූජා කිරීම.
  • පින්කමට සහභාගි සැහැදැවතුන් උපාසක උපාසිකා පින්වතුන් 200 කට ආසන්න ප්‍රමාණයකට දහවල් දානය හා ධර්ම අනුශාසනාවක් පවත්වා සඳහම් පොත්, සංයුක්ත තැටි ආදිය බෙදාදීම.

ස්ථානය

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව, වඩුවාව, පොල්ගහවෙල.
දුර : 0372244602

දිනය

2010 මැයි 01 වන දින

වැඩසටහන් පෙළ ගැස්ම

  • අවශ්‍ය බඩු බාහිරාදිය, පරිශ්කාරක ද්‍රව්‍ය රැස්කර නිසියාකාරව පාර්සල් කිරීම.
  • පින්කම දින උදෑසන මහමෙව්නා අමාවතුර අසපුවට සියලු දෙනා පැමිණීම.
  • පංච ශීලය සමාදන් වී පොල්ගහවෙල බලා පිටත්වීම.
  • සියලුම පරිශ්කාර ද්‍රව්‍ය අතින් අත ඉතාමත් ශ්‍රද්ධා භක්තියෙන් යවා දාන ශාලාව තුල තැන්පත් කිරීම.
  • දහවල බුද්ධ පූජාව හා බුද්ධ වන්දනාව.
  • ආර්ය මහා සංඝරත්නය දහවල දානය සඳහා දාන ශාලාවට පැමිණීම.
  • ආර්ය මහා සංඝරත්නය උදෙසා දහවල දානය පූජා කිරීම.
  • සියළුම පරිශ්කාර ද්‍රව්‍ය ආර්ය මහා සංඝරත්නය උදෙසා පූජා කිරීම.
  • දහවල ධර්ම අනුශාසනාව හා පුණ්‍යානුමෝදනාව.
  • පැමිණ සිටි 200 පමණ වූ දෙනා උදෙසා දිවා ආහාරය ලබාදීම.
  • සවස ධර්ම දේශනාව හා භාවනා වැඩසටහන.
  • පුණ්‍යාණුමෝදනාව.
  • පැමිණි සිටි සියලු දෙනා උදෙසා වටිනා ධර්ම පොත්, දහම් සංයුක්ත තැටි ලබාදීම.
  • වැඩසටහන් නිමාව.

පුණ්‍යාණුමෝදනාවේවා!

කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මුල්‍ය පීඨයේ ආදී ශිෂ්‍ය මිතුරු මිතුරියන්ටත්.

මෙම පිංකම සංවිධානය කල සියලු දෙනාගේ හිතවතුන් හා පවුල් වල සාමාජික සාමාජිකාවන් සහ

නන් අයුරින් උදව් උපකාර කල සියලු පින්වතුන්ට



Comments

  1. ලීලාරත්න

    March 31, 2012

    නමෝ බුද්ධාය!
    නියම වැඩක්, බොහොම හොද පින් කමක්, මෙවෙනි දසුන් අප හට දකින්නට සැලස්සුවට ඔයාලට බොහොම පින්, මෙම දසුන් දුටු විට මට මෙම බුද්ධ දේශනාව මතකයට අවා, මම හිතුවා එක මෙහි සදහන් කරන්න. එය මෙම පින් කම දැක බලා අනුමෝදන් වන කාටත් උපකාරයක් වේවි……. බලන්න්නකෝ කියවලා, කොහොම පිනක් රැස්වෙනවද කියල.
    නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස
    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
    7.3. තුන්වෙනි මණිථූන විමානයයි
    1127. මේ විමානය හරි උසයි. මැණික්වලින් කරපු කණු තියෙනවා. යොදුන් දොළොසක් දුරට පැතිරිලා තියෙනවා. උස් මුදුන් ඇති ගෙවල් හත්සියයක් තියෙනවා. වෛරෝඩි මැණිකෙන් කරපු කණු තියෙනවා. සිත්කළුයි. සුන්දරයි.
    1128. ඔබ ඒ විමානයේ ඉඳගෙන පානය කරනවා. අනුභව කරනවා. දිව්‍ය වීණාවන්ගෙන් මිහිරි වාදනය ඇහෙනවා. දිව්‍ය වූ රසය තියෙනවා. පංචකාම ගුණත් තියෙනවා. රන් අබරණවලින් සැරසිලා දිව්‍ය අප්සරාවන් නටනවා.
    1129. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේව ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද?
    1130. මහානුභාව ඇති පින්වත් දිව්‍ය පුත්‍රය, දිව්‍ය අධිපති බවටයි දැන් ඔබ පත් වෙලා ඉන්නෙ. මිනිස් ලෝකෙ ඉන්න කාලෙදි මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.
    1131. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍යපුත්‍රයා ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ.
    1132. මං මිනිස් ලෝකෙ මනුස්සයෙක් වෙලා හිටියේ. වනගත මාවතක මං සක්මන් මළුවක් හැදුවා. ආරාමයක් හැදුවා. රුක් රෝපණය කළා. ඒ වගේම සිල්වතුන් වහන්සේලාව මට හරි ප්‍රියයි. ඉතින් මං උන්වහන්සේලා ගැන සිත පහදවා ගෙනයි හිටියේ. මං බොහෝම පිළිවෙලට දන්පැන් හදලා මහා දන් පූජා කළා.
    1133. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි.
    1134. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදි ඔය පින තමයි මං කර ගත්තෙ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.
    සාදු ! සාදු !! සාදු !!!
    තුන්වෙනි මණිථූන විමානයයි.

Add a comment

*