අරමුණ
ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට හැකි පමණින් උපස්ථාන කිරීම මඟින් අප සියලු දෙනාටම මෙලොව පරලොව සැප උදා කරන්නා වූ මහඟු පුණ්‍ය ධර්මයන් රැස් කර ගනිමින් සියලු දෙනාටම ධර්ම මාර්ගයේ හැසිරීමට අවශ්‍ය වූ වටපිටාව සකස් කර ගැනීම.සිදුකල කාර්ය
ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේලාට තේවාවන් කටයුතු සදහා අවශය්‍ය රිදී පැන් කෙණ්ඩියක් පූජා කිරීමදිනය
2011/03/26ස්ථානය
ශ්‍රී දළඳා මාළිගාව, මහනුවර.වැඩසටහන් පෙළගැස්ම
- රිදියෙන් පැන් කෙන්ඩිය තැනවීම.
- පැන් කෙණ්ඩිය කැලණිය රාජ මහා විහාරයට රැගෙන ගොස් මල් පහන් සුවඳ දුම් පූජා කර පිරිත් සජ්ජායනා කොට පුදපූජා පැවැත්වීම.
- ගෞරව භක්තියෙන් යුක්තව දළඳා මාලිගාව වෙත එය රැගෙන යාම.
- පැන් කෙන්ඩිය රිදී බන්දේසියක් මත තබා සුවඳ පැනියෙන් දොවා, මලින් සරසා, පිරිත් පැන් පිරවීම.
- දන්ත ධාතුන් වහන්සේ උදෙසා සිදු කෙරෙන දහවල් තේවාව අවස්ථාවේ රැස්ව සිටි සියලු දෙනාගේම සාධු කාරය ගෞරවාදරය මධ්‍යයේ ශබ්ද පූජා සමගින් පැන් කෙණ්ඩිය ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ අභියසැදීම පූජා කිරීම.
- බුද්ධ වන්දනාව සහ පිරිත් සජ්ජායනාව.
- උදවි කල සියලු දෙනා උදෙසා පුණ්‍යානුමෝදනාව.
- වැඩසටහන නිමාව.

Add a comment