අරමුණ

භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව අනුව යමින්, සිල් ගුණදම් පුරන, අප හට ශ්‍රී සද්ධර්මය කියා දෙන මහා සංඝරත්නයට සිව්පසින් අනුග්‍රහ කර මෙලොව පරලොව සැප උදා කරන පින් රැස්කර ගැනීම.

ස්ථානය

මහමෙව්නා මහා විහාරය, උඩඅපරැක්ක, මාතර.

දිනය

2009 ඔක්තෝම්බර් 27 දින සිට මේ දක්වා අඛණ්ඩව සිදු කරගෙන යනු ලබයි.

වැඩසටහන් පෙළගැස්ම

  • දානයට පෙර සුදානම්විම.
  • උදෑසන දානය සකසා ගැනීම.
  • උදෑසන බුද්ධ පූජාව සහ බුද්ධ වන්දනාව.
  • ආර්ය මහා සංඝරත්නය උදෙසා උදැසන දානය පිළිගැන්වීම.
  • උදෑසන ධර්ම දේශනාව හා පුණ්‍යානුමෝදනාව.
  • දහවල් දානය සකසා ගැනිම.
  • දහවල් බුද්ධ පූජාව හා බුද්ධ වන්දනාව.
  • ආර්ය මහා සංඝරත්නය උදෙසා දහවල දානය පිළිගැන්වීම.
  • දහවල් ධර්ම දේශනාව හා පුණ්‍යානුමෝදනාව.
  • චෛත්‍යය වන්දනා මාන කරගැනීමේ අවස්ථාව.


පුණ්‍යාණුමෝදනාවේවා!

නොබැදි දම් සෙවන වැඩසටහනට සහභාගි වන සීදුව ප්‍රදේශ වාසී පින්වතුන්ටත්

කොළඹ විශ්ව විද්‍යාලයේ කළමණාකරණ හා මූල්‍ය පීඨයේ ආදී ශිෂ්‍ය මිතුරු මිතුරියන්ටත්

සීදුව බණ්ඩාරනායක විදුහලේ විදුහල්පති තුමා ඇතුලු ආචාර්ය මණ්ඩලයටත් සහ

නන් අයුරින් උදව් උපකාර කල සියලු පින්වතුන්ට


Comments

  1. Mahesh Indika

    March 28, 2012

    නමෝ බුද්ධාය!
    ජීවිතයේ හැම දේකට ම සිත යි මුල්වෙන්නෙ. සිත ම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. සිතින් ම යි හටගන්නේ. යම් හෙයකින් යහපත් සිතින් යමක් කිව්වොත් හරි, යමක් කෙරුවොත් හරි, ඒකෙන් ලැබෙන සැප විපාක ඔහුගේ පස්සෙන් ම එනවා. තමා අත් නොහරින හෙවනැල්ලක් වගෙයි. (ධම්මපදය)
    අපි මෙහිදී රැස්කළ සියලුම පින්, පින් කැමති සියලුමදෙනා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා…! සාදු! සාදු!! සාදු!!!

Add a comment

*

Contact

  • Nobadi Sadaham Yathrawa
  • No. 1/2, Suriya mal Pura. Prince Gate
  • Sri Lanka
  • E-mail: contact@nobadiyathrawa.org
  • Tel:+94779814786
Copyright © 2011 Nobadi Yathrawa All rights reserved.