නොබැඳි සදහම් සයුර පුස්ථකාලය

අරමුණ

2600 ශ්‍රී සමිබුද්ධත්ව ජයන්තිය සැමරීම වස්, බුඳුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය පැහැදිලිව සැදැහැති පින්වත් ජනතාව වෙත ලබා දීම.

ස්ථානය

නොබැඳි දම් සෙවණ වැඩ සටහන පැවැත්වෙන සීදූව මුකලන්දූව බණ්ඩාරනායක විදුහල් භූමියේදී සෑම මසකම දෙවන ඉරුදින දහවල් 1.00 සිට 6.00 දක්වා පොත් භාරදීම ලබාගැනීම සිදුකරනු ලැබේ.

සේවය සපයන බල ප්‍රදේශය

නොබැඳි දම් සෙවණ වැඩසටහනට සහභාගි වන සැදැහැවත් ජනතාව වෙත.
නොබැඳි සදහම් සයුර පුස්තකාලය යටතේ ලබාදෙන පොත් වලට අදාල කර්තෘ පෙල ගැස්ම

පුණ්‍යාණුමෝදනාවේවා!

ධර්ම දානයක් ලෙසින් සදහම් පොත් අප පුස්ථකාලයට පූජා කරන්නට බරපැන දැරූ සැමට, මෙයින් ජනිත වන කුසලය උතුම් නිවන පසක් කරගැනීමට උපකාරයක්ම වේවා.
පුස්ථකාලය වෙත සදහම් පොත් පූජා කල පිං වතුන්

නොබැදී සදහම් සයුර පුස්තකාලයට නිල වශයෙන් සදහම් පොත් ලබාදීම



පින්වත් මහණෙනි, දාන දෙකක් තියෙනවා, ආමිස දානයත්, ධර්ම දානයත් ඒ අතර ශ්‍රේෂ්ඨ වන්නේ ධර්ම දානයයි.    

ඔබත් නොබැදි සදහම් සයුර පුස්ථකාලය වෙත දායකත්වය ලබා දෙමින් පිං රැස් කර ගැනීමට කැමැත්තෙ නම්, මේ පිළිබද විස්තර දැන ගැනීමට විමසන්න,
බිනාර – 0779814786
සංඛ – 0773865498

පින් කැමති සියල්ලෝ අප හා එක් වෙත්වා….!

Comments

  1. Mahesh Indika

    March 29, 2012

    නමෝ බුද්ධාය!
    නොනිදා ඇහැරගෙන ඉන්න කෙනාට රාත‍්‍රිය ගොඩාක් දිග යි. වෙහෙසට පත් වෙච්ච කෙනාට යොදුන ගොඩාක් දිගයි. අන්න ඒ විදිහමයි. සද්දර්මය අවබෝධ කර නොගත්තු බාලයන් ගේ සංසාර ගමනත් බොහෝ ම දිගයි.
    “අනේ මට දරුමල්ලෝ ඉන්නවා. මට සල්ලි බාගෙ තියෙනවා” කිය කියා අඥාන පුද්ගලයා ඒ මත්තේ ම හැපෙනවා. නමුත්, තමන්ට තමන්වත් නෑ. එහෙම එකේ දරු මල්ලො කොයින් ද? සල්ලි බාගේ කොයින් ද?
    අඥාන පුද්ගලයෙක් තමන්ගේ මුළු ජීවිත කාලය පුරාවට ම නුවණැති මුනිවරයෙක් ව ඇසුරු කළත් ඔහු නම් ධර්මය අවබෝධ කර ගන්නේ නෑ. හොද්දක රසය නොතේරෙන හැන්දක් වගෙයි.
    බුද්ධිමත් පුද්ගලයා සුළු මොහොතකට හරි, නුවණැති මුනිවරයෙක් ව ඇසුරු කළොත්, ඔහු ඉතා ඉක්මනින්ම ධර්මය අවබෝධ කර ගන්නවා. හොද්දක රසය වහා දැනගන්න දිවක් වගේ. (ධම්මපදය)
    මේ ඔබට ඒ සදහා කාලයයි……….අප්‍රමාදී වන්න……..පින් කැමති සියල්ලෝ අප හා එක් වෙත්වා….! ඔබ සැමට තෙරුවන් සරණයි෴!

Add a comment

*

Contact

  • Nobadi Sadaham Yathrawa
  • No. 1/2, Suriya mal Pura. Prince Gate
  • Sri Lanka
  • E-mail: contact@nobadiyathrawa.org
  • Tel:+94779814786
Copyright © 2011 Nobadi Yathrawa All rights reserved.