දෙවන ව්‍යාපෘතිය - නොබැඳි දම් සිසිල

අරමුණ

දිවයින පුරා ඇති පාසැල්, දහම් පාසැල්, විහාරස්ථාන, මහජන පුස්තකාල, රාජ්‍ය ආයතන හා අනෙකුත් ආයතන වල සේවය කරන බෞද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ ජීවිත, දහම් දැනුමින් පෝෂණය කිරීමත්, ධර්මයේ හැසීරීමේ වටිනාකම ඔප් නැංවීමේ උතුම් අරමුණ අරමුණ පෙරදැරිවය.

කාර්යභාර්යය

  • පින්වත් ස්වාමීන්වහන්ස නමක් අදාල ආයතනයට වැඩමවා දහම් දේශනයක් පවත්වා, සදහම් පොත් කට්ටල, සදහම් පුවත්පත්, ධර්මදේශනා අඩංගු සංයුක්ත තැටි ඒ ඒ අදාල ආයතනවල සිටින පුද්ගලයින්ට පෞද්ගලික පරිහරණයට ලබාදීම.
  • තවද එම ආයතනවවල පොදුවේ පරිහරණය කිරීම පිණිස ආයතනයේ පුස්ථකාලය සඳහා ධර්ම පොත් හා පුවත්පත් ලබාදීම.
  • ධර්මයේ හැසිරීමේ වටිනාකම ඔප් නවැංවෙන වීඩියෝ පට දර්ශන ප්‍රදර්ශනය කිරීම.

ආරම්භය

2010 වසරේ සිට අඛණ්ඩව මේ දක්වා
නොබැඳි දම් සිසිල – දෙවන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති අයුරු.
මෙම අදියරයේදී අදාල පාසලේ එක් එක් ගුරුවරයාට පෞද්ගලිකව පරිහරනය කිරීම සඳහා පොත් කට්ටලය බැගින් ලබාදෙන අතර, ගුරු මණ්ඩලය, තුළ සිටින බෞද්ධ විෂය උගන්වන ගුරුභවතුන්ට පාසැල් බෞද්ධ විෂය නිර්දේශයට අදාල වන පරිදි එම විෂය ඉගැන්වීමට උපකාරක කියවීම් වශයෙන් විශේෂයෙන් සකසන ලද පොත් කටිටලය බැගින් ලබාදීමට කටයුතු කරනු ලැබේ.
මෙම අදියර යටතේ ඒ ඒ පාසැලේ සියලු ගුරු භවතුන් හා සිසු දූ දරුවන් ගේ පොදු පරිහරණයට පුස්ථකාලය වෙත පොත් කට්ටලයක් ලබාදීම සිදු කරයි.
මෙම අදියරයේදී සිසුන් කෙරෙහි වැඩිපුර අවධානය යොමුකරන අතර, ඔවුන්ට ධර්මයේ හැසිරීම ඔප් නැංවෙන අයුරින් සකසන ලද වීඩියෝ දර්ශන පෙන්වීම හා සියලු දූ දරුවන්ට සඳහම් පොත්පත්, පුවත්පත්, සංයුක්ත තැටි ඇතුලත් කට්ටලයක් පිරිනැමීම සිදුකරයි.
මෙම අදියර යටතේ එම ආයතනයේ සියලු දෙනාම කෙරෙහි අවධානය යොමුකර ඔවුන්ට ගැලපෙන අයුරින් විශේෂයෙන් සකසන ලද වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම. මෙම වැඩසටහන අදාල ආයතනය සමඟ සාකච්ඡා කර නොබැඳි සඳහම් යාත්‍රාව සංවිධානයේ අවශ්‍යතාවය මත ව්‍යාපෘති භාර නිළධාරියා සකස් කරනු ලැබේ.
නොබැඳි දම් සිසිල - දෙවන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති ආයතන

Comments

  1. වීරසේකර පෙරේරා(නොබැඳි සදහම් යාත්‍රාව සංවිධානය වෙනුවෙන්)

    June 11, 2012

    නමෝ බුද්ධාය!
    පව් කරන පුද්ගයා තමයි මෙලොවදි ශෝක වෙන්නේ. පරලොවදිත් ඔහුමයි ශෝක වෙන්නේ.
    දෙලොව දීම ඔහු ශෝක වෙනවා. තමන් විසින් සිදු කර ගත්තු කිලිටි අකුසල කර්ම දැකලා,
    ඔහු ශෝක වෙනවා. පීඩාවට පත් වෙනවා.
    මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාම යි. පරලොව සතුටු වෙන්නෙත් ඔහු ම යි.
    දෙලොව දීම සතුටු වෙන්නෙත් ඔහුම යි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා,
    ඔහු සතුටු වෙනවා. සතුටින් පිනා යනවා. (ධම්මපදය)
    මේ පින් කර ගැනීමට කාලයයි…..සාදු! සාදු!! සාදු!!!

    මේ පිංකම සාර්ථක කරගැනීමට උදව් උපකාර කල සැමටත්, දැකබලා සතුටු වන සැමටත්,
    අප විසින් රැස්කළ සියලු පින් අනුමොදන්වී
    මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝදවිම පිණිසම හේතු වාසනා වේවා..!

  2. අචිනි නෙලුම්

    September 10, 2012

    වැඩසටහන ඇත්තටම වැදගත්. ගොඩක් ප්‍රයෝජනවත්. වැඩසටහනට සහබාගි වීමට ලැබීම ගැන ගොඩක් සතුටුයි. කාලය ගත වුනාට අපට ඒ ගැන දැනුනෙවත් නෑ.

    - අචිනි නෙලුම් (කළමනාකරණ හා මුල්‍ය පීඨය – කොළඹ විශ්ව විද්‍යාලය) -

  3. admin

    September 10, 2012

    වැඩසටහන සාකච්ජ්ජා කල කරුණු ඉතා වැදගත්. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ වශයෙන් ප්‍රශ්නවලට හොඳින් මුහුණ දෙන ආකාරය ස්වාමින් වහන්සේ හොඳට පැහැදිලි කරලා දුන්න. වැඩසටහන ඇත්තටම හොඳයි.
    - ගයනි ඉෂාරා (කළමනාකරණ හා මුල්‍ය පීඨය – කොළඹ විශ්ව විද්‍යාලය) -

  4. admin

    September 10, 2012

    විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉතා වටිනා වැඩසටහනක්. මෙවන් වූ වැඩසටහනක් තුලින් සිසුන්ට තම ජීවිතයට බොහෝ දෑ එකතු කරගැනීමේ භාග්‍ය උදා වෙනවා.

    - එස්. දිසානායක (කළමනාකරණ හා මුල්‍ය පීඨය – කොළඹ විශ්ව විද්‍යාලය) -

  5. admin

    September 10, 2012

    ජීවිතයෙහි යථාර්තය පිළිබඳව හොඳ දහම් කරුණු රැස් කරගැනීමට මෙම ධර්ම දේශනාව මා හට ලොකු පිටුවහලක් වූ බව මට කිව හැකිය.

    - ඩබ්ලිව්. හර්ෂා (කළමනාකරණ හා මුල්‍ය පීඨය – කොළඹ විශ්ව විද්‍යාලය) -

  6. admin

    September 10, 2012

    සිසු මනසට කා වදින ආකාරයෙන් හරවත් වූ කාලින ධර්ම දේශනාවක් පැවැත්වීම සම්බන්දයෙන් අපගේ නමස්කාර පුර්වක ස්තුතිය පුද කර සිටිමු.

    -එස්. වික්‍රමාරච්චි (කළමනාකරණ හා මුල්‍ය පීඨය – කොළඹ විශ්ව විද්‍යාලය) -

Add a comment

*

Contact

  • Nobadi Sadaham Yathrawa
  • No. 1/2, Suriya mal Pura. Prince Gate
  • Sri Lanka
  • E-mail: contact@nobadiyathrawa.org
  • Tel:+94779814786
Copyright © 2011 Nobadi Yathrawa All rights reserved.