අරමුණ

2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය පෙරදැරි කරගෙන සිරිලක තුල දැහැමි සමාජයක් බිහිකරනු වස් ගෞතම බුදුරදුන් විසින් සියලු දෙව් මිනිසුන්හට මහා කරුණාවෙන් දේශනා කර වදාල නිර්මල වූ ශ්‍රී සද්ධර්මය පතුරුවා හැරීම.

නොබැඳි දම් සෙවණ යටතේ ක්‍රියාත්මක වන වැඩසටහන්.
  • මාසික දම් සෙවණ
  • සිඟිති දම් සෙවණ
  • යොවුන් දම් සෙවණ

මාසික දම් සෙවණ

  • අරමුණ
    ගෞතම බුදුරදුන්ගේ නිර්මල වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය කිරීමට‍ ප්‍රදේශ වාසි සියලු සැදැහැවත් ජනතාවට මංපෙත් සලසා දීම මගින් ගෞතම බුදුසසුණේ සැබෑ රැකවරණය ලබා ගැනීමට උපකාරී කිරීම.
  • දිනය, ස්ථාන හා වේලාව
    සෑම මසකම දෙවන ඉරු දින සීදූව බණ්ඩාරනායක විද්‍යාලයේදී ප.ව. 2.00 සිට 5.30 දක්වා
  • වැඩසටහන් මෙහෙයවීම
    මහමෙව්නා භාවනා අසපු සංචිතයන්හී නිර්මාතෘ අති පුජනිය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සෙගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සෙලා විසින්.
වැඩසටහන් පෙළගැස්ම

සිඟිති දම් සෙවණ

  • අරමුණ
    වයස අවුරුදු 15 ට අඩු ගෞතම බුදුරජුන්ගේ සිගිති ශ්‍රාවක දරුවන් හට ගෞතම බුදුරජුන් වදාළ ශ්‍රී සද්ධර්මය නිරවුල්ව පිරිසිදුව ලබා දීම මගින් දරුවන් හට ගෞතම බුදු සසුනේ පිහිට පිළිසරණ ලබා ගැනීමට මග පෙන්වීම.
  • දිනය, ස්ථාන හා වේලාව
    සෑම මසකම දෙවන ඉරු දින සීදූව බණ්ඩාරනායක විද්‍යාලයේදී ප.ව. 2.00 සිට 4.30 දක්වා
වැඩසටහන් පෙළගැස්ම

යොවුන් දම් සෙවණ

  • ගෞතම බුදුරදුන්ගේ නිර්මල වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට ප්‍රදේශවාසී සියලු තරුණ දරු දැරියන්ට මංපෙත් සලසා දීම මගින් ගෞතම බුදු සසුනේ සැබෑරැකවරණය ලබා ගැනීමට උපකාර කිරීම.
ඉදිරියේදී සෑම මසකම දෙවන ඉරුදින උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වා සීදූව බණ්ඩාරනායක විද්‍යාලයේදී පැවැත්වීමට කටුතු සුදානම් කර ඇත. ඒ පිලිබදව පසුව දැනුම දෙනු ලැබේ.

Nobadi Dam Sewana Coming Events

October

Nobadi Dam Sewana Photos (2012.03.11)


Video Article



Comments

  1. Mahesh Indika

    March 28, 2012

    නමෝ බුද්ධාය!
    සමහර උදවිය තමන්ගේ දරුවන් ගැන, සතා සිව්පාවා ගැන, හිතින් බැ`දිලා, එයින් මත් වෙලා කල් ගෙවනවා. අන්තිමේ දී මාරයා ඇවිදින් ඔවුන් ව මරණය කරා ගෙනියන්නේ, සැඩ වතුර පහරක් විසින් නිදිගත් ගමක් මුහුදට ගසා ගෙන යනවා වගේ.
    මාරයා විසින් යට කරගත්තු සත්වයාට ආරක්‍ෂා ස්ථානයක් දරුවන්ගෙන් ලැබෙන්නේ නෑ. පියාගෙන් ලැබෙන්නෙත් නෑ. නැදැයන්ගෙන් ලැබෙන්නෙත් නෑ. ඒ ඤාතීන් තුල ඔහුට සැබෑම රැකවරණයක් ලැබෙන්නෙ නෑ.
    ඔය යථාර්ථය අවබෝධ කරගත් බුද්ධිමත් කෙනා සීලයෙන් සංවර වෙන්ට ඕන. වහ වහාම නිවන් මග පිරිසිදු කර ගන්ට ඕන. (ධම්මපදය)
    පින් කැමති සියල්ලෝ අප හා එක් වෙත්වා….!

  2. වීරසේකර පෙරේරා

    March 31, 2012

    Namo Buddaya!!!
    May The blessings of The Noble Triple Jem be with you…!!!
    සකල සතට සෙත සුවය සදන්නට තුනුරුවනේ සරණම වේවා!!!
    නමෝ බුද්ධාය !!!
    පින්වත් කලණ මිතුරනි,
    අප සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ තමයි අප හට මේ ධර්මය දේශනා කලේ. උන් වහන්සේගේ හදමඞලෙන් උපන් ඒ පිවිතුරු ශ්‍රී සද්ධර්මය ඉතා සුන්දර ලෙස අප හට කියා දුන්නා. භාග්‍යවතුන් වහන්සේ තමයි මේ ශ්‍රී සද්ධර්මයේ හිමිකරු වන්නේ. ඒ නිසයි අපි භාග්‍යවතුන් වහන්සේට ‘ ධර්මස්වාමී ‘ කියා කියන්නේ. ඉතින් ධර්මස්වාමී වූ ඒ භාග්‍යවතුන් වහන්සේ තම ශ්‍රාවකයින්ට ඒ ශ්‍රී සද්ධර්මය කියා දුන්නේ මොන තරම් සතුටකින්ද, කැමත්තකින්ද කියල අපට මේ දහම් කොටසින් තේරෙනවා.
    “පින්වත් මහණෙනි ,
    සියලු පව් බැහැර කල නිසා මම බ්‍රාහ්මණයෙක්. මගෙන් සදහම් ඉල්ලන්න සුදුසයි. හැම වෙලාවේම ධර්ම දානය දෙන්ට සෝදා ගත් ඇත ඇතිවමයි මම ඉන්නේ. අන්තිම සිරුරයි මේ දරන්නේ. ‘දුක’ නමැති උල උදුරා දමන ශල්‍ය වෙයිද්‍යවරයා මමයි. ඔබ තමයි මගේ දරුවෝ. මා ළයෙහි ඔබ උපන්නේ. දහම් මුවින් ඉපදිලා ඉන්නේ. ධර්මයෙන් ඉපදිලා ඉන්නේ. ධර්මයෙන් නිර්මිත වෙලා ඉන්නේ. ධර්මය දායාද කොටයි ඉන්නේ. ආමිසය දායාද කරගෙන නම් නෙවෙයි.”
    බලන්න මිතුරනි මේ උතුම් බුද්ධ වචන දිහා. මේ භාග්‍යවතුන් වහන්සේගේම වචන. එහි සදහන් වෙනවා “ඔබ තමයි මගේ දරුවෝ ” කියල. එහෙනම් අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක දරුවෝ. අපි එය නිතර සිහි කල යුතුයි නේද ?. ඒ වගම එහි සදහන් වෙනවා ‘හැම වෙලාවේම ධර්ම දානය දෙන්ට සෝදා ගත් ඇතිවමයි මම ඉන්නේ කියලා. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ හැම වෙලාවේම ධර්මය කියාදී අපව සසරින් එතෙර කරවන අදහසින් තමයි වැඩසිටියේ. අපගේ ශාස්තෘන්වහන්සේ මොන තරම් අපි ගැන අනුකම්පා කරන්න ඇද්ද?. අනික මේ දේශනාව කරන විට එය අසා සිටි ස්වාමින්වහන්සේලට මොනතරම් සුන්දර අදහස් ඇතිවෙන්නට ඇද්ද?.
    ඒ නිසා ඔබත් මේ බුද්ධ වචනය පාඩම් කරගන්න. නිතර නිතර සිතන්න. සෙනග පිරුණු විදීයක යන විට, බස් රථයේ යන විට, පයින් ගමන් කරන විට, මේ බුද්ධ වචනය සිහි කරන්න. එවිට ඔබටත් භාග්‍යවතුන් වහන්සේ ගැන සුන්දර වු හැඟීමක් ඇති වේවි.
    අප සියලු දෙනාටත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ළයෙහි උපන් දරැවන්, හද මඬලින්උපන් දරැවන්, දහම් මුවින් උපන්, ධර්මයෙන් උපන්, ධර්මය දායාද කර ගත් ශ්‍රාවක දියනියක, පුතනුවකු වෙන්න වාසනාව ලැබේවා! .
    නමෝ බුද්ධාය !!!
    දහම් දීප . (ඇසුර :ඛු;1, ඉතිවුත්තක පාළිය/පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ පරිවර්තනය.)
    සාදු! සාදු!! සාදු!!!
    (උපුටා ගැනීම – දහම් දීප)

Add a comment

*

Contact

  • Nobadi Sadaham Yathrawa
  • No. 1/2, Suriya mal Pura. Prince Gate
  • Sri Lanka
  • E-mail: contact@nobadiyathrawa.org
  • Tel:+94779814786
Copyright © 2011 Nobadi Yathrawa All rights reserved.