බෞද්ධ කොඩිය
බෞද්ධ කොඩිය නිර්මාණය වී ඇත්තේ නීල (නිල්) පීත (කහපාට) ලෝහිත (රතුපාට) ඔදාත (අළුපාට) මාංජෙෂට (මදටියපාට) ප්රභාස්වර (සියලුපාටයන්ගේ එකතුව) යන වර්ණයන්ගෙන් යුත් තීරු සයකිනි. බුදුරජාණන් වහන්සේට ඇතිවන අතිමාත්ර ප්රීති සහගත අවස්ථාවන්හිදී බුදු සිරුරින් සවනක් රැස් විහිදෙයි. එම රැස් පදනම්කොට ගෙන ඉහත සඳහන් වර්ණ හෙවත් පාට භාවිතාකොට ඇත. එමනිසා බෞද්ධ කොඩියෙන් පිළිබිඹු වන්නේ බුදුරජාණන් වහන්සේගේ සිරුරින් නික්මුණ රශ්මි මාලාවන්ය.