අරමුණ

බොහෝ රෝග පීඩා වලින් දුක් විදින රුධිරය අවශ්‍ය රෝගීන්ගේ ජීවිත වලට රුධිරය දන් දී එමගින් ඔවුන්ගේ ජීවිත වල සුවපත් බාවය ඇති කරනු පිණිසත් ඒ තුලින් බුදෝධාපස්ථානමය පුණ්‍යධර්මයන් අපගේ ජීවිත වලට රැස් කර ගැනීමේ උතුම් අරමුණ පෙරදැරිවය.

ස්ථානය

සීදූව මුකලන්ගමුව බණ්ඩාරනායක විද්‍යාලයේදී.

දිනය සහ වේලාව

2012 අප්‍රේල් 08 වන දින පෙ.ව 8.00 සිට ප.ව 3.00 දක්වා
ලේ දන් දීමේ පිංකම



පුණ්‍යාණුමෝදනාවේවා!

නොබැදි දම් සෙවන වැඩසටහනට සහභාගි වන සීදුව ප්‍රදේශ වාසී පින්වතුන්ටත්

කොළඹ විශ්ව විද්‍යාලයේ කළමණාකරණ හා මූල්‍ය පීඨයේ ආදී ශිෂ්‍ය මිතුරු මිතුරියන්ටත්

සීදුව බණ්ඩාරනායක විදුහලේ විදුහල්පති තුමා ඇතුලු ආචාර්ය මණ්ඩලයටත් සහ

නන් අයුරින් උදව් උපකාර කල සියලු පින්වතුන්ට


Comments

  1. Mahesh Indika

    March 28, 2012

    හොදින් පින් – දහම් කරගත්ත කෙනා තමයි මෙලොවදී සතුටු වෙන්නේ. පරලොවදී සතුටු වෙන්නෙත් ඔහුම යි. දෙලොව දීම ඔහු සතුටු වෙනවා.”මං පිං කරගත්තා” කියලා සතුටු වෙනවා. සුගතියේ ඉපදුනාට පස්සේ ගොඩාක් සතුටු වෙනවා. (ධම්මපදය)
    පින් කැමති සියල්ලෝ අප හා එක් වෙත්වා….!

  2. ලීලාරත්න

    March 31, 2012

    නමෝ බුද්ධාය!
    උපකාරයක් ඕන වෙලාවට ඉදිරිපත් වන යා`ඵවො තමයි සැපය.
    ලදදෙයින් සතුටු වීමත් සැපයක්.
    ජීවිතය අවසත් වන විට පින තමයි සැපයට තියෙන්නේ.
    සිය`ඵ සංසාර දුක් නැති කර දැමීමත් සැපයකි.
    (ධම්මපදය)
    පින් කැමති සියල්ලෝ එදිනට පැමිණෙත්වා….!

  3. Ranil srimal

    April 19, 2012

    නමෝ බුද්ධාය!
    ජීවිතයේ හැම දේකට ම සිත යි මුල්වෙන්නෙ. සිත ම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. සිතින් ම යි හටගන්නේ.
    යම් හෙයකින් යහපත් සිතින් යමක් කිව්වොත් හරි, යමක් කෙරුවොත් හරි,
    ඒකෙන් ලැබෙන සැප විපාක ඔහුගේ පස්සෙන් ම එනවා.
    තමා අත් නොහරින හෙවනැල්ලක් වගෙයි. (ධම්මපදය)

    මේ පිංකම සාර්ථක කරගැනීමට උදව් උපකාර කල සැමටත්, දැකබලා සතුටු වන සැමටත්, අප විසින් රැස්කළ සියලු පින් අනුමොදන්වී
    මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝදවිම පිණිසම හේතු වාසනා වේවා..!

Add a comment

*

Contact

  • Nobadi Sadaham Yathrawa
  • No. 1/2, Suriya mal Pura. Prince Gate
  • Sri Lanka
  • E-mail: contact@nobadiyathrawa.org
  • Tel:+94779814786
Copyright © 2011 Nobadi Yathrawa All rights reserved.