02. පිනට ආසා කරන්න

Posted by
|

නමෝ බුද්ධාය!

  පිනට ආසා කරන්න

දවසක් මොග්ගල්ලාන මහ රහතන්්වහන්සේ දිව්‍ය ලොකේ චාරිකාවක වැඩම කළා.ඉතින් දිව්‍ය ලොකේ චාරිකාවේ වඩින මුගලන් මහරහතන් වහන්සේට ලස්..සන දිව්‍ය අප්සරාවක් මුණහැහුණා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ ඒ දිව්‍ය අප්සරාවගෙන් මේ වදිහට ප‍්‍රශ්න වගයක් ඇහුවා.

‘‘ පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපෙන් බැබළෙමින් ඉන්නේ හැම දිසාවක්ම බබුඵවන  ඕෂධී තාරුකාවක් වගේ.

ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණෙ කොහොමද? මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? හිතට පි‍්‍රය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින් ද?

ආනුභාව සම්පන්න පින්වත් දෙව්දුව මිනිස් ලොකේ ඉන්න කාලෙදි මොන වගේ පිනක් ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක් ද?ඔබේ සිරුරෙන් විහිදෙන එලියෙන් හැම දිශාවම බබළනවා.”

තමන් සමග මහානුභාව සම්පන්න මුගලන් මහරහතන් වහන්සේ කථාබස් කරනවා කියලා ඒ දිව්‍ය අප්සරාව ගොඩාක් සතුටු උනා. ඉතාමත් ප‍්‍රීතියට පත් උන ඒ දිව්‍ය අප්පරාව මේ විදිහට පිළිතුරු දුන්නා.

‘‘මාවතේ වඩින භික්ෂූන් ද භික්ෂුණීන් ද මට දැක ගන්න ලැබුණා. මං උන් වහන්සේලාගෙන් ධර්මය අහ ගත්තා. එක දවසක් උපෝසථ සිල් ආරක්‍ෂා කළා.”

ඒ විදිහට ඒ දෙව්දුව තමන් මනුස්ස ලොකේ ඉන්න කාලෙ දි කරගත්ත එකම එක පින ගැන විස්තර කළා.

‘‘ ඒ මගේ මේ දිව්‍ය විමානය දිහා බලන්න. මම දිව්‍ය අප්සරාවක්. කැමති කැමති රූපයන් මට මවා ගන්න පුඵවන්. පිනේ විපාකය බලන්න. මං දාහක් අප්සරාවන්ට උතුම් කෙනෙක්.’’

ඒ පිනෙන් තමයි මට මෙවැනි ලස්සනක් ලැබුනේ. ඒ පිනෙන්ම යි මේ සැප සම්පත් ලැබුණේ.  හිතට පි‍්‍රය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි.

මහානුභාව සම්පන්න ස්වාමීන් වහන්ස, මිනිස් ලොකෙදී ඔය පින තමයි මම කර ගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින  ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබළනවා.

( විමානවස්තු පාලි )

පින්වත්නි අපගේ ශාස්තෘන් වහන්සේ විශාකා උපෝසථ සූත‍්‍රයේ දී උපොසථ සීලය සමාදන් වෙලා දිව්‍ය ලෝක වල ඉපදුනාම ඒ දිව්‍ය සැප සම්පත්, විදින ආයුෂ පවා දේශනා කළා.

මිනිස් ලොකේ අවුරුදු 50 චාතුම්මහාරාජික දෙවිවරුන්ට එක රැයක් සහ දවාලක්. ඒ වගේ රාත‍්‍රී 30 ක් මාසයයි. ඒ වගේ මාස 12 ක් අවුරුද්ද යි. ආන්න ඒ අවුරුදු වලින් අවුරුදු පන්සීයක් චාතුම්මහාරාජික දෙවියන්ගේ ආයුෂ.

මිනිස් ලොකේ අවුරුදු 1600 පරනිම්මිත දෙවියන්ගේ එක දවසක්. ඒ වගේ දවස් 30ක් මාසයයි. ඒ වගේ මාස 12 ක් අවුරුද්ද යි. ඒ විදිහට අවුරුදු 1600 ක් ආයුෂ.

බලන්න උපෝසථය ආරක්ෂා කිරීමෙන් ලැබෙන සැපය දිහා. ‘‘සොදුරු දැක්මෙන් යුතු සදත් හිරුත් දෙක එළිය විහිදුවමින් යම්තාක් සිසාරා යයි ද, ඒ හිරු සදු දෙක අහසෙහි අදුර නසමින්, දිශාවන් බබුඵවමින්, රැස් විහිදුවයි. මේ හිරු සදු එළිය වැටෙන ලොවේ යම්කිසි ධනයක් දකින්නට ලැබුනොත්, මුතු හෝ මැණික් හෝ වෛරෝඩි මැණික් හෝ රන් හෝ තියෙනවා නම් ඒවා අෂ්ඨාංග උපෝසථය සමාදන් වූ කෙනෙකුගේ පිනෙන් දහසයෙන් එකක් හෝ තරම්වත් වටින්නේ නෑ. සියඵ තරුවල එළිය චන්ද්‍රා ලෝකය තරම් වටින්නේ නෑ වගේ.

ඒ නිසා පුරුෂයෙක් හෝ වේවා ස්ත‍්‍රියක් හෝ වේවා අෂ්ඨාංග උපෝසථ සීලයමයි පුරුදු කළ යුත්තේ. සැප උපදවාලන පිං කොට නින්දා රහිත තැන වූ ස්වර්ගයෙහි උපදිනවා.

(විශාකා උපෝසථ සූත‍්‍රය)

 

 පින ගැන තව තවත් ඉගෙන ගන්න. පින නිසා ලැබෙන සැප විපාක ගැනත් ඉගෙන ගන්න. පින් කරන ආකාරය ගැනත් ඉගෙන ගන්න. පහසුවෙන්ම ජිවිතයට පින් රැස් කරගන්න කියාදෙන තුණුරුවන කෙරෙහි පැහැදීම ඇති කරගෙන, සැම පුන් පොහෝ දිනකමඅෂ්ඨාංග උපෝසථය සමාදන් වන්න අදිෂ්ඨානය ඇති කරගන්න

 තෙරුවන් සරණයි !

Add a comment

*

ඔබ වෙත කෙරෙන සුහද ඇරයුමයි!

එක්වන්න අප සමග බෙදන්න දම් සුවය.

නොබැදි සදහම් යාත්‍රාව සංවිදානයේ පාඨක නිර්මාණ අඩවියට ඔබගේ සදහම් නිර්මාණ ඉදිරිපත් කරන්නේනම් පහත කරුණ ද සැලකිල්ලට ගෙන අප වෙත එවීමට කාරුණික වන්න.

01.ඔබේ නිර්මාණ සදහා පහත මාතෘකා ඇතුල් කරගන්න.

  • බුදුසසුනේ වැඩ සිටිය නිකෙලෙස් උත්තමයන් වහන්සේලා පිළිබදව.
  • ඉතිහාසය පිළිබද තොරතුරු.
  • බුදු සසුනේ ගිහි උපාසක/උපාසිකාවන් පිළිබද තොරතුරු.
  • ඔබගේ සිත් ගත් දහම් කරුණු වලින් සැකසු නිර්මාණ
  • බෞද්ධ ආගමික සිද්ධස්ථාන පිළිබද.
  • පුණ්‍ය චාරිකා පිළිබද වාර්තා.
  • ඔබ සංවිධානය කළ පුණ්‍ය කටයුතු පිළිබද විස්තර.

02.ඔබ වීඞීයෝ පට දර්ශනයක් ඉදිරිපත් කරනවා නම් එය විනාඩි 15-20 නොවැඩි නිර්මාණ එවීමට කාරුණික වන්න.

03.ඔබේ නිර්මාණ සත්‍ය තොරතුරු පමණක් ඇසුරු කරගනිමින් ඉදිරිපත් කරන්න.

04.ඔබේ නිර්මාණය සකස් කිරීම සදහා භාවිතා කළ මුලාශ්‍ර ද සදහන් කරන්න.

05.ඔබ එවන සියළු නිර්මාණ පින්වත් ස්වාමීන් වහන්සේ නමකගේ අධික්‍ෂණයට යොමු වනු ඇත.

ඔබේ නිර්මාණ ඉහත කරුණු සැලකිල්ලට ගෙන නිර්මාණය කිරීමට කාරුණික වන්න.

”පින්වත් මහණෙනි, ලොකයේ අග‍්‍රම දානය ධර්ම දානයයි’’

එසේනම් ඔබත් අපත් සමග එකතුවන්න ලොව අග‍්‍රම දානයේ පුණ්‍ය විපාක විදින්න.

විමසීම්:

එරන්ද – 0715298389

ශ්‍රීමාල් – 0718916150



Contact

  • Nobadi Sadaham Yathrawa
  • No. 1/2, Suriya mal Pura. Prince Gate
  • Sri Lanka
  • E-mail: contact@nobadiyathrawa.org
  • Tel:+94779814786
Copyright © 2011 Nobadi Yathrawa All rights reserved.