01. පරෝපකාරය

Posted by
|

පින්වත් දෙමව්පියනි,ගුරුවරුනි,සහෝදර,සහෝදරියනි,

ලෝකයේ තිබෙන්නේ තමා බාහිරින් ලබන සහයෝගය ඔස්සේ චින්තනය මෙහෙයවීමකි. නමුත් අපගේ ශාස්තෘන් වහන්සේ වන ගෞතම නම් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ ජීවිතය තුළ සිදුවූයේ අතිශයින්ම විශ්මිත වූ සිදුවීමකි. මීට වසර 2599 කට පෙර වෙසක් පුන් පොහෝ දිනයක දී බාහිර උපකාරයකින් තොරව තමන් වහන්සේගේ බුද්ධිය මෙහෙයවා උත්තරීතර තත්වයට පත්වීමට ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට හැකිවිය. උන්වහන්සේ ලොව ජයගත්තේ ප‍්‍රඥා මහිමයෙනි. ඒ අසිරිමත් ප‍්‍රඥා මහිමය අපට වැටහෙන්නේ උන්වහන්සේ අප වෙත දායාද කළ ශී‍්‍ර සද්ධර්මය තුළිනි. එළඹුන කි‍්‍ර.ව. 2011 වෙසක් පුර පසළොස්වක පොහේ දින තුන් ලොවක් සනසන මහා භද්‍ර කල්පයේ හතර වෙනුවට පහළ වී වදාළ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලූ කෙලෙසුන් ප‍්‍රහාණය කොට සම්මා සම්බුද්ධත්වයට පත් වී වසර 2600 ක් සපිරිනි. සම්මා සම්බුද්ධත්වයෙන් වසර 45 ක් පුරාවට පිනැති දෙව් මිනිසුන් සුවපත් කළ ඒ පරම සුන්දර ශී‍්‍ර සද්ධර්මය ඒ සත්‍යයේ පණිවුඩය, ගෞතම බුදුරජාණන් වහන්සේගේ මුව මඬලින් පැන නැගී අසිරිමත් දම් සුවඳ දස අත පැතිරවීමට සුදුසුම කාලයකි මේ.

ජීවිතය පිළිබඳ සියලූ දේ මහා ප‍්‍රඥාවෙන් අවබෝධ කළ තථාගතයන් වහන්සේ, දම් සුවඳ දස අත පැතිරවීම පිළිබඳව වරෙක මේ අයුරිනුත් දේශනා කොට වදාළහ.

පින්වත් මහණෙනි, මම ධර්ම දානය දෙන්න අත් සෝදාගෙන ඉන්නෙ. මගෙන් සඳහම් ඉල්ලන්න සුදුසුයි.

පින්වත් මහණෙනි, දාන දෙකක් තියෙනවා. ආමිස දානයත්, ධර්ම දානයත්, ඒ අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ ධර්ම දානයයි.

අනුග‍්‍රහයන් අතර ආමිස අනුග‍්‍රහයට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයෙන් කරන අනුග‍්‍රහයයි.

බෙදාහදා ගැනීම් අතර ආමිසය බෙදාහදා ගැනීමට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මය බෙදා හදාගැනීමයි.                                                              

(අංගුත්තර නිකාය – 01)

අප භාග්‍යවත් ගෞතම සම්මා බුදුරජාණන් වහන්සේ උතුම් සම්බෝධිය ලබා වසර 2600 ක් සමරනු වස්, අප විසින්, අද අදම කළ යුතු වන්නේ ගෞතම බුද්ධ ශාසනය තුල අපගේ ජීවිත වලට සැබෑ රැකවරණයක් ලබා ගැනීමට අප තුල සැගවී ඇති සිහිය, නුවණ, විරිය, යන උතුම් ධර්මයන් උපයෝගි කරගනිමින් බුදු රජුන් විසින් වදාල ශී‍්‍ර සද්ධර්මයට අනූව අපගේ ජීවිත හැඩගස්වා ගැනීමට කටයුතු කිරීම සහ අපගේ දෙමව්පියන්, ගුරුවරුන්, සහෝදර හිත මිත‍්‍ර ආදීන්ට මේ ගෞතම බුද්ධ ශාසනය තුල ඔවුන්ගේ ජීවිතවලට සැබෑ රැකවරණයක් ලබා ගැනීම පිණිස උපකාර කිරීමත්ය. පිනෙන් පිරුණු ජීවිතයක් ගොඬනගාගෙන තිබීමත් එය තවදුරටත් පිනෙන්ම පුරවා ගැනීමත්, මේ සඳහා අපට බොහෝ උපකාර වන ධර්මයකි.

එසේ කටයුතු කිරීම, අපගේ ලෞකික ජීවිතය මෙන්ම අධ්‍යාත්මික ජීවිතයද දියුණු කර ගැනිමට ද ගෞතම බුදු සසුන තුල සැබෑ රැකවරණයක් ලබා ගැනිමට ද ජීවිතය සැපවත් කර ගැනීමට ද මහෝපකාරී වේ. එය ගෞතම බුදු රජාණන් වහනසේ ගේ ශ‍්‍රාවක දරුවන් වශයෙන්, බුදුරජාණන් වහන්සේ උදෙසා අප විසින් කරනු ලබන උතුම්ම සත්කාරය, උතුම්ම ගෞරවය, උතුම්ම පූජාව වේ.

වරෙක බුදු සසුන න`ගා සිටුවීමට අමිල සේවාවක් කල ශී‍්‍රමත් අනගාරික ධර්මපාලතුමා, ගෞතම බුද්ධ ශාසනයේ වටිනාකම සිහි ගන්වමින් මෙසේ පවසා සිටියේය.

“පි‍්‍රය සිංහල බෞද්ධ සහෝදරයනි, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ යන නුඹලා උන් වහන්සේ මතක නැතිකර දමා අන්‍ය ශාස්තෘන් අදහන ගුරුවරුන්ගේ ආදර්ශ ගැනීම බලවත් අනාදරයකි. සූර්යා ලෝකය අතහැර දමා කනා මැදරියන් පස්සේ යන්නේ මන් ද?

සුද්දෝ සියළු දේ කරන්නේ ශාස්ත‍්‍ර ඥානයෙන් ය. මේ ඥානය ලබා ගැනීමට කාටත් පුලූවන් කම තිබේ. කාම සැප ගැන සිංහලයෝ බොහෝ ධනය වියදම් කරති. පංචකාම සැප උදෙසා වියදම් කරන ධනය ප‍්‍රඥාව වැඩිකර ගැනීමට වියදම් කළ යුතුයි. මා මේ සියලූ වීර්ය කරන්නේ සිංහල ජාතියටද, බුද්ධ ධර්මයට ද ඇති බලවත් කරුණාව නිසයි. සිංහලයෙනි, සමගියෙන් කි‍්‍රයා කොට ප‍්‍රඥා භූමියට පැමිණිමට උත්සාහ කරව්.”

මගේ රට, මගේ ජාතිය, මගේ ආගම, මගේ භාෂාව, කියා වටිනා රත්න හතරක් මට තියනවා. ඒ රත්න හතර ආරක්‍ෂා කර ගැනීම මගේ යුතුකමයි.”

“යළි යළිත් ඉපදී බුදු දහම ලෝකය පුරා ප‍්‍රචාරය කරන්නට ලබේවා, යන්න එතුමාගේ ප‍්‍රාර්ථනාව වූ බව සඳහන් වේ.

ඇත්තටම මගේ රටට, මගේ ජාතියට, මගේ ආගමට, මගේ භාෂාවට ආදරය කරනවා කියන්නේ තවත් ජාතියක් කපා කොටා විනාෂ කරදමා මගේ ජාතිය උසස් යැයි කීම නොවේ. සැබෑවටම අපි සිංහල, දෙමල, මුස්ලිම් යන නමින් විවිධ ජාතීන් ලෙස හැදින් වුවත්, මේ සියඵ ජාතිකයන් ජරාව මරණය රෝග පීඩා වැලදීම කායික මානසික ආදී දුක උරුම කරගෙනයි ඉන්නේ. මේ දුක ඉදිරියේ අප සියඵ දෙනාටම ජාතියක්, භේදයක් නම් කොයින්ද? එසේ නම් අප විසින් කළ යුත්තේ සියඵ සත්වයන්ට අනුකම්පා කිරීම නෙවේද? සියඵ සත්වයන්ට මේ දුක්ඛිත සසරින් නිදහස් වීමට එකිනෙකාට උපකාර කර ගැනීම නොවේද?

වරක් අප භාග්‍යවතුන් වහන්සේ එක්තරා ස‍්‍රත‍්‍ර දේශානාවක දී මෙසේ වදාල සේක.

පින්වත් ආනන්ද, යම් කෙනෙකු ගැන අනුකම්පා කරනවා නම්, යම් කෙනෙක් ඔබට සවන්දිය යුතුයි. කියා සිතනවා නම් ඔවුන් මිතුරන් වෙන්න පුළුවනි, යහලූවන් වෙන්න පුළුවනි, නෑදැයින් වෙන්න පුළුවනි, ලේ ඥාතීන් වෙන්න පුළුවනි. පින්වත් ආනන්ද, ඔබ විසින් ඔවුන්ව කරුණු තුනක් තුළ සමාදන් කරවිය යුතුයි. ඇතුළත් කරවිය යුතුයි. පිහිට විය යුතුයි.

කවර තුන් කරුණක් ද යත්,

බුදුරජුන් කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙහි සමාදන් කරවිය යුතුයි. බුදුරදුන් වනාහි මේ කරුණු  වලින් අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක….. බුද්ධ වනසේක. භගවා වන සේක. කියලා……

   සද්ධර්මය කෙරෙහි නොසෙල් වෙන පැහැදීමෙන් සමාදන් කරවිය යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් ශී‍්‍ර සද්ධර්මය මැනවින් දේශනා කරන ලද්දේය. (ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ) මේ සද්ධර්මය මේ ජීවිතයේදීම අවබෝධ කළ හැකියි………..

   ශ‍්‍රාවක ස`ග පිරිස කෙරෙහිත් නොසෙල් වෙන පැහැදීමෙහි සමාදන් කරවිය යුතුයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවක ස`ග පිරිස වනාහී සුපටිපන්න වන සේක……. ලොවට උතුම් පින්කෙත වනසේක කියලා.

සැබවින්ම පින්වත් ආනන්දය, බුදුරජුන් කෙරෙහි, සදධර්මය කෙරෙහි, ශ‍්‍රාවක ස`ග පිරිස කෙරෙහි නොසෙල් වෙන පැහැදීම ඇති ඒ ආර්ය ශ‍්‍රාවකයා කිසිසේත්ම නිරය හෝ තිරිසන් ලෝකයෙහි හෝ, පේ‍්‍රත ලෝකයෙහි හෝ උපත ලබන්නේය යන කරුණ සිදු නොවන්නේමය.

                                                                  ( අංගුත්තර නිකාය – 01)

බලන්න ඒ සුගතයන් වහන්සේ ලෝක සත්වයාට අනුකම්පා කර ඇති ආකාරය. ඇත්තෙන්ම මනුෂ්‍යයෙක් තවත් මනුෂ්‍යයකුට කරන උතුම් ම උපකාරය ඔහුට දුකින් නිදහස් වීමට උපකාර කිරීමයි. දුකින් නිදහස් විමට නම් එකාන්ත යෙන්ම බුදුරජාණන් වහන්සේව සරණ යා යුතුයි. ඒ නිසා අපිත් ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ යන්න  ඕන. ඒ වගේම අපේම වර්ගයාටත් තිසරණය තුල පිහිටීමට උපකාර කිරීම අප කාගේත් වගකීම නොවේ ද?

තෙරුවන් සරණයි !

Comments

Add a comment

*


Contact

  • Nobadi Sadaham Yathrawa
  • No. 1/2, Suriya mal Pura. Prince Gate
  • Sri Lanka
  • E-mail: contact@nobadiyathrawa.org
  • Tel:+94779814786
Copyright © 2011 Nobadi Yathrawa All rights reserved.